Wednesday, August 18, 2010

Kanyawee - කන්‍යාවී

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

Artist: Amarasiri Pieris

Photobucket

Miriwadi Sangalak - මිරිවැඩි සඟලක්

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

Photobucket

Waw Thale - වැව්තලේ

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ ,
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්...

ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්

මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා,
හිත ඇතිකමක හැටී

මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දි දි....
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්....

Artists : Prihan ft. Nilukshi

Photobucket

Cammelia Mal Suwandata ( Cinderella ) - කැමීලියා මල් සුවඳට ( සින්ඩරෙල්ලා )

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

Artist : Kithsiri Jayasekara

Photobucket

Sudu Andumin - සුදු ඇඳුමින්

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

Artist : JayaSri

Photobucket

Mathakai Hitha Handuwa Eda - මතකයි හිත හැඬුවා එදා

මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වෙලා..
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..//

හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..
සීතල මීදුම් මා සිත පොපියා..
ඔය ගත උණුසුම මතකෙට නැගුවා..
හීනෙට තුරුල් වෙලා..
ඔබෙ ආදරේ පතා..
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..

Artist: Shihan Mihiranga

Photobucket

Manalolee Manamaliye - මනලෝලී මනමාලියේ

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........

Artists: Rookantha & Chandraleka

Photobucket

Sinathotak Wiya - සිනාතොටක් විය

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය.......

Artist: Nirosha Virajini

Photobucket

Sandawathiye Payanna - සඳවතියේ පායන්න

සඳවතියේ පායන්න තුරුලේ ඔයා..
පෙම්බරියේ රඟදෙන්න මගෙ පෙම නිසා..
මට ළංවීලා.. තව හිනැහීලා..
හද ගෙනියන්නේ කොහෙදෝ ඔයා..

සිහිනයක පාවීලා.. ආදරෙන් ළංවීලා..
මා හා සිනාසී.. ආදරේ පවසනවා..
සුළඟේ මා පාවීලා එන්නම්..
ඔබේ ළයට සැඟවී සැනසෙන්නම්..

මිහිරියේ ඔබ හින්දා.. හැඟුන දේ රසවින්දා..
නොයන් මා හැරදා.. මා රැයේ තනිකරලා..
සුළඟේ මා පාවීලා එන්නම්..
ඔබේ ළයට සැඟවී සැනසෙන්නම්..

Artist: Romesh and Lakshan

Photobucket

Hiru Makee Yai Neela Ahase - හිරු මැකී යයි නීල අහසේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...
ඈත මීදුම් අතර සඟවා...
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ .........

Artist : Amila Perera

Photobucket

Muthu Pinna Thama - මුතු පින්න තාම

මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..

මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
මල් යාය හොඳට සැප විඳී බඳේ..
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
ඔබ දකින එකත් සැපක්නේ අනේ..

මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ..

Artist: Nalin Perera

Ma Sandata Kamathi Bawa Danagena - මා සඳට කැමති බව දැනගෙන

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිඳුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳූලැලි ගෙනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

එක්ටැම්ගෙයි සිරගත කල
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe

Photobucket

Pini Poda Watena - පිණි පොද වැටෙනා

පිණි පොද වැටෙනා අරුනැල්ලේ..
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ..
මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ..
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ..

ආදරයෙන් පෑ සිනහා..
මා හිත යට තවමත් ඇත ඇඳිලා..
සෙනෙහස පවසාලා ළංවීලා..
මා තුරුලේ නැළවෙනවද මැණිකා..

රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ..

ළපටි දෙතොල් පොපියා මට නොකියා..
හීන්සැරේ සිපගන්නට හිතුනා..
හොරැහින් නොබලා මා දෙස බලලා..
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා..

රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ..

Artist: Shihan Mihiranga

Photobucket

Dasa Nilupul Thema - දෑස නිලුපුල් තෙමා

දෑස නිලුපුල් තෙමා . .
කඳුළු මුතුවැල් සලා . .
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ . . . .

නිහඩ හදවත් පොතේ ලියවුනු . .
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ . . . .

පබළු මිණිමුතු නැතේ මා සතූ . .
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුලු පොකුරේ රැදේ . . . .

Artist : Gunadasa Kapuge

Photobucket

Me Bus Nawathuma - මේ බස් නැවතුම

මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුන බ
ව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා!
එකම රියක නැගඑකම
අසුනෙ හිදගිය හෑටි මතකයි
තවම එදා!!

ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා!
ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
ළගඑකම අසුනේ ඉදගෙන යනවා!

Artist: Punsiri Soyza

Photobucket

Adawan Dasin - අඩවන් දෑසින්

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

Lyrics: Mahagama Sekara
Music: Somadasa Alvitigala
Singer: Victor Ratnayake

Photobucket

Ran Tikiri Sina - රන් ටිකිරි සිනා

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා
ගමනක් යනවද සුදු මල්ලී

Lyrics: Ogustus Vinayagaratnam
Music: Nimal Mendis
Singer: T M Jayaratne

Photobucket

Issara Bandi Pema - ඉස්සර බෑදි පෙම

ඉස්සර බෑදි පෙම
හිත්වල සුවදයි
යලි පුබුදන්න බෑරී
එක්කර අතෑගිලි
ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හෑකී

ඔබ පියමන්කල
සමනළ මාවත
මට යා ගන්න බෑරී
ඔබ පතනා ලොව
ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී

මගෙ අසරණ ලොව
අද මා පමණකි
එය සගවන්න බෑරී
එක්කල දෑගිලි
වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරී......

Artist: Somasiri Madagedara

Photobucket

Nonawathee Karakawena - නොනැවතී කැරකැවෙනා

නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ
කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ //
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ . . .

උතුරා යන්න මග බලන ගිනිකඳු වලට හිම වැස්සක් වී
ගන අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ මිතුරනේ . . .

නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ
කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
මිතුරනේ . . . ///

Artist : Nadeeka Jayawardana

Photobucket

Anatha Maruthe - අනාත මාරුතේ

අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ....

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

අනාත සාගරේ කුණාටු මාරුතේ....

Artist : Rookantha Gunathilaka

Photobucket

Malliye Naraka Mithuran - මල්ලියේ නරක මිතුරන්

මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..

Artist : Sunil Edisinghe

Photobucket

Sayure Rala Se - සයුරේ රළ සේ

සයුරේ රළ සේ අහසේ තරු සේ..
මිතුදම් පවතී ලොව සැමදා..
සත්සර නැගෙනා නාදය කොතැනා..
එතනයි සැමදා අපි සැවොමා..

සත්සරයේ සෙවනැල්ලේ..
නද දෙන්නේ කොවුලන් සේ..
ගයනා ජය ගීයයි මේ හඬගා..

අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
ඒ සිහිනේ සැබෑ වුනේ..
උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
සියොතුන් එක රෑනෙ අපි..

we'll be together..
now and forever..
let's pray that we remain friends....

සත් සමුදුර තරණයකොට ආවයි..
සත් කුළු පවු මෙන් මහ වෙර දැරුවයි..
සත් පියුමන් මෙන් විකසිත වූවයි..
සත්සර මෙන් අප සැම එක්වූවයි..
නෑ නෑ වෙන්වන්නේ හිරු සඳු ලෙස ඉන්නේ..
සත්සර හඬ වැයෙනා තුරා..
තරු මල් නැලැවෙන්නේ..
විහඟුන් ඉගිලෙන්නේ..
ගයනා මේ ගීය අසා..

we'll be together..
now and forever..
let's pray that we remain friends....

Artists: Nelu Adhikari & Kapila Poogalarachchi

Photobucket

Senehasakata Aruthak Purawannata - සෙනහසක අරුතක් පුරවන්නට

සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....

Artist : Asanga Priyamantha Peiris

Photobucket

Santhapa Mawathe - සන්තාප මාවතේ

සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...

තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ....

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ..

සන්තාප මාවතේ...

Artist : Sunil Edirisinghe

Photobucket

Sulange Lelena - සුළඟේ ලෙලෙනා

සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
සුළඟේ......//

සාමල අමරල - පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ...
සුළඟේ......//

Artist : Shalitha Abeywickrama

Photobucket

Walakul Wiyan Thanala - වලාකුල් වියන් තනාලා

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

Aetists : Bhathiya ft. Umaria

Photobucket

Perawadanak Nathi - පෙරවදනක් නැති

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......

එක සෘතුවකට පසුව.....
නව සෘතුවක් පැමිණේනම්
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////

Artist : Nadeeka Jayawardane

Photobucket

Pinibara Yame - පිණිබර යාමේ

පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
පිනිබර යාමේ.......

Artist : Sunil Edirisinghe

Photobucket

Kandulin Awasan Wana Pem Puwathaka - කඳුළින් අවසන් වන පෙම් පුවතක

කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

හිර කරලනු බැරි සෙනෙහ හැඟුම්
දිය උතුරා පිටාර යයි දෙනෝදහක්
ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි

උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්

මහිකත රැඳි තුරු ලතා ගුලාවක සඟවා මා පැතුමන්
පියා සලන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක
අන් මල්උහුලා ගනු හැකිවෙද ඔබෙ උණුහුම නිවී මැකී යා නම්

ගායනය : දමයන්ති ජයසූරිය

Photobucket

Hitha Handana Welawe - හිත හඩනා වෙලාවේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්

කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ හගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි කුමරියේ

Artist : Shihan Mihiranga

Photobucket

Ada Deegeka Giya Nuba - අද දීගෙක ගිය නුඹ

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

Artist : Sunil Edirisinghe

Photobucket

Dawasak Pala Nathi Hene - දවසක්‌ පැල නැති හේනේ

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ

Artist : Gunadasa Kapuge
Lyrics : Ranbanda Senewirathne

Photobucket

Kumariyaka Pa Salamba Saluna - කුමරියක පා සළඔ සැලුනා

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

Lyrics: K.D.K. Dharmawardane
Music: Victor Ratnayake
Singer: W.D. Amaradewa

Photobucket

Labuth Neth Yuga Dahasaka Urume - ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ

ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මෙ

ඉර හද පතුරන එලියට වෑඩියෙන්
ඔබ මට එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ

ලේ කිරි කරලා අම්මාත් මා දුක්
පෙව්වද නෑත්තම් ඊට වඩා
ඉහ හද දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා

දසමාසේ කුසෙහි මා දරලා
ඉසිලූ බර තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මව් පදවිය ඔබ ලබන ලදී

Artist : Asanga Priyamantha

Photobucket

Me Uyanthere - මේ උයන්තෙරේ

මේ උයන්තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩිපාරේ
ඔබේ සිනා මට තවම පෙනේ

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ //
අත‍රමගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ

අප එදා පෙමින් වෙළී දෙපා නැගු මගේ
නෑ තවත් මැකීගියේ මුදුවදන් ඔබේ //
යලිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ

Artist : Nirmala Ranathunge
\
Photobucket

Sihina Dew Duwe - සිහින දෙව් දුවේ

සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ

සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නලලෙ අත තියාලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා

කල්යානි නමට අමපෙම්
දිවි බදුන පුදකරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්

අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනි නතිව මා දෑවේවා
සිහිවටන එහි මෑවේවා

Artist : J.A. Milton Perera

Oba Mage Wela - ඔබ මගේ වෙලා

ඔබ මගේ වෙලා..
මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..
ආදරේ කියා..
සඳ මඬල වෙලා..
තරු ළඟට වෙලා..
කියාදෙන්න ආදරේ කියා..//

මල් පිහාටුවක් නෙළලා..
නිල් වරල සරසලා..
හිත පුරාම ආදරේ අරන්..
කියාදෙන්න ජීවිතේ තරම්..//

තුනු විලම මලින් සනසා..
මල් විලම කලඹලා..
ඔබ එනවද ජීවිතේ අරන්..
කියාදෙන්න ආදරේ තරම්..//

Artists: Mangala & Kushani

Photobucket